මාතර – පොල්හේන ප්‍රදේශයේ හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටියදී කොකේන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් අද මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මොවුන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැන හඳුනාගෙන වැලිගම ප්‍රදේශයේ සාදයක් පවත්වා පසුව පොල්හේන ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බව සඳහන්.
පසුව පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි මොවුන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ.
අත්අඩංගුවට පත් පිරිස කාන්තාවන් තුන් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 14 දෙනෙකුගෙන් සමන්විතයි.
