Gossips

පොල්තෙල් වලට සනාථ ලේබලයක්

නිසි ප්‍රමිතියෙන් යුක්ත බවට සනාථ කෙරෙන ලේබලයක් පොල්තෙල් නිෂ්පාදනවල ඇලවීමට ඉදිරියේදී කටයුතු කරන බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති එච්.කේ.උදය රූපසිංහ සදහන් කළේ වෙළදපොලට නිකුත් කරන පොල්තෙල් රසායනාගාර පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙම ලේබලය ඇලවීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, අපිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය කරන ස්ථාන ඇත්නම් 0112 502 501 / 0112 502 502 දුරකථන අංකවලින් තොරතුරු දැනුම්දිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.