Gossips

පොල්තෙල්වල ප්‍රමිතිය ගැන ගැටලූවක් – වටලන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානම්

වෙළඳපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳව ගැටලූකාරි තත්ත්වයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ වෙළඳසැල් 1600 ක සිදුකළ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදී මෙලෙස ප්‍රමිතියෙන් තොර පොල්තෙල් අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත්, අඛන්ඩ වැටලීම් සිදුකරන බවත්, ඔහු සඳහන් කළා.