ආහාර පිසීමට යොදා ගන්නා පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව තෙල් වර්ග අලෙවි කිරීමේදී වෙළඳුන් විසින් අදාල බහාලුමෙහි නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, පරිමාව, මිල සහ නිෂ්පාදකයාගේ නම මෙන්ම ලිපිනය ද මුද්‍රණය කළ යුතු වනවා.
පොල් තෙල් අවිධිමත් ලෙස සහ අපිරිසිදු අන්දමින් පාරිභෝගිකයා නොමඟ යවන ලෙස ගබඩා කිරීම නිසා අදාළ තීරණය ගනු ලැබූ බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.