Gossips

පොල්ගහවෙල යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

පොල්ගහවෙල – රෑනගල – වෙරි හන්දිය ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ් වේගය පාලනය කර ගැනීමට නොහැකිව, මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ තාප්පයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදිය පැදවූ අලව්ව – දුන්දෙණියවත්ත – මරච්චිමුල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්.