Gossips

පොල්ගහවෙල ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටෙයි

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී කිසියම් දෝෂයක් හේතුවෙන් නතර වී තිබෙනවා.
පස්වරු 4යි 50ට කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය නතර කර තිබූ දුම්රියෙහි පිටුපස ගැටී ඇති බවයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න සඳහන් කළේ.