Gossips

පොල්ගහවෙල – අලව්ව අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇතිව තිබෙනවා.
ඒ, අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (23) උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.
පොල්ගහවෙල සිට අලව්ව දක්වා දුම්රිය ධාවනය එක් මාර්ගයක පමණක් සිදු කරන බවද පාලක මැදිරිය සඳහන් කළා.
මේ වනවිට කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.