ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම – පොල්අතුමෝදර පාලම විවෘත කිරීමේ අවස්ථාව අදට (11) යෙදී තිබූ අතර, විවෘත කිරීමට පෙර එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් මතුවුණා.
ඒ එම උත්සවයට එක්වන ලෙස තමන්ට දැනුම් නොදුන් බව පවසමින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟයි.
පාලම අද විවෘත කිරීමට නියමිතව තිබුණේ අමාත්‍ය සාගල රත්නායක ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.
කෙසේ වෙතත්, අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පාලම විවෘත කිරීමට කටයුතු කර තිබුණා.
එහිදී ඔවුන් ප්‍රකාශ කළේ පොල්අතුමෝදර පාලම පසුගිය රජය සමයේ ප්‍රතිපාදන වෙන් කර ප්‍රතිසංස්කරණය කළ බවයි.
විරෝධතාව අතරතුර එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් සහ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා.
හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ පසුව අමාත්‍ය සාගල රත්නායක ඇතුළු පිරිස විසින් ද පාලම යළි විවෘත කළ බවයි.
