Gossips

පොරොන්දු ඉටු කරන්න – මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලයි

පොරොන්දු වූ පරිදි පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන ලෙස පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දැඩිව ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
එහිදී ඔහු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිළිබඳවද අදහස් පළ කළා.