Gossips

පොරොන්දු ඉටු කරන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක රජයට විඳීමට සිදුවනු ඇති බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසනවා.
ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
‘‘’ ජිනීවාවලදී ශ්‍රී ලංකාව දුන් පොරොන්දු සියල්ල ඉටු කරන්න ඕනේ. නමුත් ලංකාවේ රජය මේ වෙනකල් ඒ පොරොන්දු ඉටු කළේ නෑ කියන එකයි, අපේ සහ ජාත්‍යන්තරයේ මතය. ඒ හින්දා ඒ පොරොන්දු සියල්ල ඉටු කරන්න ප්‍රමාද නොවී කටයුතු කරන්න ඕනේ. එහෙම නැතිවුනොත් ඒවායේ ප්‍රතිවිපාක රජයට විඳින්න සිද්ධ වේවී.’’
කෙසේ වෙතත්, 30 වැනි මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගි වී සිටින අමාත්‍ය ෆයිසර් මුස්තාෆා දුරකථනය ඔස්සේ අප හා සම්බන්ධ වෙමින් ප්‍රකාශ කලේ 2015 සිට ශ්‍රී ලංකාව, සහජීවනය වෙනුවෙන් කැප වී සිටින බව විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මානව හිමිකම් සමුළුවේදී ප්‍රකාශ කළ බවයි.