Gossips

පොරොන්දු ඉටු කරන්නැයි ඉල්ලා පොළොන්නරුවේ කාන්තාවන් විරෝධතාවක

බකමූණ – ගිරිතලේ ප්‍රධාන මාර්ගය පොළොන්නරුව – අත්තනකඩවල ප්‍රදේශයෙන් අවහිර කරමින් කාන්තාවන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.
ඔවුන් එහිදී කියා සිටියේ ණය ගෙවාගැනීමට නොහැකි කාන්තාවන්ගේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය කපා හරින බවට මුදල් අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටු නොවීම නිසා තමන් ගැටළු රැසකට මුහුණදී ඇති බවයි.
විරෝධතාව නිසා ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවුණා.