Gossips

පොරාවකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියා සොයා පොලිස් මෙහෙයුමක්

බෙලිඅත්ත – ගලගම – නාකුළුගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 59 හැවිරිදි කාන්තාවක් වන අතර, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයෙන් පසු පලාගිය සැකකරු ස්වාමිපුරුෂයා සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.