Gossips

පොරවකින් පහර කෑ පස්දරු පියා ජීවිතයෙන් සමුගනී

කාත්තාන්කුඩි ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේ පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
වයස අවුරුදු 46ක පස්දරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර 26 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවයි කාත්තාන්කුඩි පොලිසිය පැවසුවේ.
සැකකරු අත්අඩංගුවට ගෙන මඩකලපුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ ඝාතනය සිදුකළ තැනැත්තා එක්ව එදින සවස මත්පැන් පානයකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අනතුරුව 26 හැවිරිදි තරුණයා 46 හැවිරිදි තැනැත්තාගේ නිවසට පැමිණ ඔහුගේ බිරිඳට පහර දී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අදාල තරුණයා තම බිරිඳට පහරදෙනු දුටු 46 හැවිරිදි පුද්ගලයා ඊට මැදිහත් වී ඇති අතර එහිදී දෙදෙනා අතර ආරවුලක් හටගෙන තිබෙනවා.
අනතුරුව සැකකරු විසින් 46 හැවිරිදි පුද්ගලයාට පොරවකින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.