Gossips

පොදු සමාකාලයෙන් පසු හමුදාවේ 2764 ක් අත්අඩංගුවට

යුද හමුදා පොදු සමා කාලය අවසන් වූ පසු සිදුකළ මෙහෙයුම්වලදී යුද හමුදාව අත්හැර පලා ගිය සෙබලූන් 2764 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ මේ අතර නිලධාරින් 5 දෙනෙකු ද සිටින බවයි.
අත්අඩංගුවට ගත් සියලූම සෙබලූන් හට යුද හමුදා විනය පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව සේවයෙන් ඉවත් කිරීමට අදාළ වැඩකටයුතු කඩිනමින් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
යුද හමුදාව මගින් පසුගිය වසරේ ඔක්තෝම්බරයේ පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කළ අතර, එය පසුගිය නොවැම්බර් 23 වනදායින් අවසන් වුණා.