Gossips

පොදු ලකුණකින් මහ මැතිවරණයට එන්න නිදහස් පක්ෂය සූදානමින්

පොදු ලකුණක් යටතේ මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ සාකච්ඡා අරඹන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස කියා සිටියේ පොදු සතුරා පරාජය කිරීම සදහා සියලූ පාර්ශව එක් කර ගනිමින් තරග වැදීමට අපේක්ෂා කරන බවයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත සහ විමල් වීරවංශගෙන් ද ඉදිරි මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් විමසා සිටියා.
එහිදී ඔවුන් කියා සිටියේ තුනෙන් දෙකක බහුතරයක් සහිතව ඉදිරි මැතිවරණයෙන් තම පාර්ශවය ජයගන්නා බවයි.