Gossips

පොදු ප්‍රවාහන පහසුකම්වල අඩුවක්

සිංහල – දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා පිටත් වූ ජනතාවට යළි රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමට මෙන්ම තම දෛනික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් තවමත් නිසි පරිදි සලසා නොමැති බවට ඔවුන් චෝදනා එල්ල කරනවා.
කෙසේ වෙතත්, ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියේ දිවයින පුරා සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට එක්කර ඇති බවයි.
යළි රැකියා සඳහා පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් පෞද්ගලික බස් රථද හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
එමෙන්ම, සාමාන්‍ය බස් රථ සේවා එලෙසම ක්‍රියාත්මක වන බවද එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා.
කෙසේ වෙතත්, දුර ගමන් සේවා බස් රථ මෙන්ම සාමාන්‍ය සේවා බස් රථවලද අඩුවක් පවතින බවයි මගී ජනතාව පවසන්නේ.