හෙට පැවැත්වෙන ජන බලය කොළඹට විරෝධතාවට අදාළව වෙන් කර ගත් ක්‍රීඩාංගන, ආණ්ඩුව අවංලගු කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියා.
මේ අතර, හෙට උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි සිදුකළහොත් බලය පාවිච්චි කිරීමට සිදුවන බව නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ ආණ්ඩුව පෙරලීමට පහසු ක්‍රම තිබියදී ඒකාබද්ධ විපක්ෂය අසීරු ක්‍රම ඔස්සේ කටයුතු කරන බවයි.
