Gossips

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8ක් අතුරුදන්

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට කැමරූන් දේශයෙන් පැමිණි ක්‍රීඩකයින් 8 දෙනකු ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වී තිබෙනවා.
කැමරූන් කණ්ඩායමේ බලධාරීන් ද ක්‍රීඩකයන්ගේ අතුරුදන්වීම තහවුරු කර තිබෙනවා.
ඔවුන් ඕස්ට්‍රේලියාවේ නීති විරෝධී ලෙස නතර වීමේ අරමුණෙන් පැනගොස් ඇති බවටයි සැක කරන්නේ.
මෙලස අතුරුදන් වී ඇත්තේ ක්‍රීඩකයින් 6 දෙනකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු බවයි වාර්තා වන්නේ.
ඔවුන් බොක්සිං සහ බර ඉසිලීමේ ඉසව් නියෝජනය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවයි කැමරූන් කණ්ඩායම් ප්‍රධානියා හෙළිකර තිබෙනවා.
අතුරුදන්වුවන්ට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීම සඳහා ලැබී ඇති වීසා බලපත්‍ර වලංගු වන්නේ ලබන 15 වනදා දක්වා පමණක් බව සඳහන්.
එමෙන්ම මෙලෙස අතුරුදන්වූවන්ගෙන් පිරිසක් තවමත් ඔවුන්ගේ ක්‍රීඩා ඉසව්වලට ද ඉදිරිපත් වී නැහැ.
කැමරූන් කණ්ඩායම් බලධාරීන් විශ්වාසය පළකරන්නේ මෙම ක්‍රීඩකයන් යළිත් ක්‍රීඩා ගම්මානයට පැමිණ මව් රට බලා පිටත්වීමට තමන් සමග එක්වනු ඇති බවයි.
අතුරුදන්වුවන් පිළිබඳ විමර්ශණයක් සිදු කරන බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමය ප්‍රකාශකර තිබෙනවා.
අතුරුදන්වූවන් සොයා පොලිස් මෙහෙයුම් ද ආරම්භ කර ඇතැයි සඳහන්.
කෙසේවෙතත් ඔවුන්ට ලැබී ඇති වීසා අනුව රට තුල ඕනෑම තැනක ගමන් කිරීමට අවස්ථාව පවතින බවයි ඔවුන් පෙන්වාදී ඇත්තේ.
2012 වසරේදී ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය අතර ද කැමරූන් ක්‍රීඩකයන් 7 දෙනෙකු අතුරුදන්වුනා.