Gossips

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී චින්තනගේ පදක්කම් බලාපොරොත්තුව බිඳී යයි

2006 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනූ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේට මෙවර කිලෝග්‍රෑම් 77 ඉසව්වෙන් හිමි වූයේ 05 වන ස්ථානයයි.
ඕස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අද (07) පැවැති ඉසව්වේදී ඔහු කිලෝග්‍රෑම් 298ක් බර ඉසිලීමට සමත් වූ අතර රන් පදක්කම දිනූ ඉන්දියාවේ සතීශ් කුමාර් ශිවලිංගම් කිලෝග්‍රෑම් 317ක බරක් ඉසිලීමට සමත් වුණා.
මෙම ඉසව්වේ දෙවන ස්ථානය එංගලන්ත ක්‍රීඩක ජැක් ඔලිවර් හිමි කර ගත් අතර, ලෝකඩ පදක්කම හිමිවූයේ ඕස්ට්‍රේලියාවේ ෆ්‍රැන්කොයිස් එටොන්ඩි ටයි.