ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා බර ඉසිලිමේ කණ්ඩායම අද(11) දිවයිනට පැමිණියා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔවුන් උණුසුම් ලෙස පිලගනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින්.
මෙවර තරගාවලියේදී ඉන්දික දිසානායක කිලෝ ග්‍රෑම් 69 බර පන්තියෙන් රිදී පදක්කම හිමිකර ගත් අතර , කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන් තරග කළ චතුරංග ලක්මාල් සහ කිලෝ ග්‍රෑම් 48 බර පන්තියෙන් තරග බිමට පිවිසි දිනුෂා හංසනීට ලෝකඩ පදක්කම් හිමි වුණා.