Gossips

පොදුරඳ මඩුලු පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඟයීම අද

පසුගියදා නිමාවට පත්වු 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් හා ත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) දහවල් සිදුකිරීමට නියමිතයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාවට එක් රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05ක් හිමි වුණා.
එය ශ්‍රී ලංකාව මෙතෙක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ලැබූ වැඩිම පදක්කම් සංඛ්‍යාවද වනවා.
බර ඉසිලිමේ ක්‍රිඩා ඉසව්වේ රිදි පදක්කමක් දිනාගත් ඉන්දික දිසානායකට රුපියල් ලක්ෂ 40ක් සහ පදක්කම්ලාභි අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 30ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමටද නියමිතයි.