Gossips

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේදී නව ශ්‍රී ලංකා වාර්තාවක්

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි.
සමස්ත තරඟාවලියේදී මේ වනවිට පදක්කම් 6 ක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම 31 වන ස්ථානයේ පසුවනවා.
පදක්කම් 184 ක් ලබා ගත් ඕස්ට්‍රේලියාවයි එහි පෙරමුණ ගෙන සිටින්නේ.
ශ්‍රී ලංකා මීටර් සීය හතර පිරිමි සහය දිවීමේ කණ්ඩායම අද (14) අවසන් තරඟයට සහභාගි වුවත්, ඔවුන්ට හිමිවුණේ 6 වන ස්ථානයයි.
කෙසේ වෙතත්, එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිවී තිබෙනවා.