Gossips

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ බොක්සිං වළල්ලෙන් ශ්‍රී ලංකාවට තවත් ජයක්

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ පිරිමි බොක්සිං තරඟයෙන් ඉෂාන් බණ්ඩාර අද (10) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
මෙම ජයග්‍රහණයත් සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරඟය ඉසව්වෙන් තවත් පදක්කමක් තහවුරු වුණා.
ඔහු අතින් පරාජයට පත්වුණේ ලෙසතෝ රාජ්‍යයේ ක්‍රීඩකයෙක්.
මේ අතර කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්ව යටතේ තරඟ වැදුණු ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කුට ලෝකඩ පදක්කම හිමි වුණා.
අවසන් පූර්ව තරඟයට අද උදෑසන සහභාගි වූ අනූෂා එහිදී ඉන්දීය සුප්‍රකට බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් අතින් පරාජයට පත්වුණා.