Gossips

පොදුජන පෙරමුණ සහ නිදහස් සන්ධානය ඉදිරියේදී පුළුල් සන්ධානයකින් – මහින්ද කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය එක්ව පුළුල් සන්ධානයකින් ඉදිරි මැතිවරණවලට තරඟ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පෞද්ගලික කාර්යාලයේදී නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී විපක්ෂ නායකවරයා පළමුවෙන් ආගමික වතාවත්වල නිරත වූ අතර, කෝට්ටේ ශ්‍රී පැරකුම්බා පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය තලගල විමල නාහිමියන් ආශිර්වාද එක් කළා.
මෙම අවස්ථාවට කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ද එක්ව සිටි අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ ඔහු සුහද කතාබහක ද නිරත වුණා.