Gossips

පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය – පොහොට්ටුව ඉල්ලයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් සභා මන්ත්‍රී සංසදය පවසනවා.
ඊයේ කොළඹ දී මාධ්‍යයට අදහස් දක්වමින් එහි සභාපති, හිටපු පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න මේ බව කියා සිටියා.
මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත විය යුතු බවයි.