Gossips

පොදුජන පෙරමුණට සියයට 70 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්

පළාත් පාලන ආයතන 340 ඡන්ද විමසීමට අදාළව මෙතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 223ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා.
ඒ ඡන්ද හතලිස් නව ලක්ෂ 66,203 ක් ලබා ගනිමින්.
එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 71 යි දශම 8 යි 6 ක්.
පළාත් පාලන ආයතන 42 ක් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සමත් වුණා.
ඒ ඡන්ද තිස්හය ලක්ෂ 21,338 ක් ලබා ගනිමින්.
පළාත් පාලන ආයතන 38 ක් ජයග්‍රහණය කිරීමට ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය සමත්වූ අතර,
ඔවුන්ට හිමිවී ඇති ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ 33,406 ක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර ඇති මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 7 ක්.
ඔවුන්ට ඡන්ද එකලොස් ලක්ෂ 88,248 ක් හිමිව තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණට කිසිදු පළාත් පාලන ආයතනයක් මෙතෙක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී නැහැ.
ස්වාධීන කණ්ඩායම් 3 කට ද පළාත් පාලන ආයතනවල බලය හිමිවුණා.
ඒ බේරුවල, මහියංගනය සහ මහරගම යන පළාත් පාලන ආයතනවලයි.
ලංකා කම්කරු කොංග්‍රසය පළාත් පාලන ආයතන 4 ක බලය හිමිකරගෙන ඇති අතර ඔවුන්ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 97,788 ක්.