Gossips

පොදුජන පෙරමුණට පළාත් පාලන ආයතන 141 ක ජය

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතන 141 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී සිටිනවා.
ඔවුන් ඒ සදහා ඡන්ද තිස් ලක්ෂ 65,230 ක් ලබාගෙන ඇති අතර, එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 70 යි දශම 1 යි 5 ක ප්‍රතිශතයක්.
පළාත් පාලන ආයතන 25 ක බලය හිමිකරගෙන සිටින එක්සත් ජාතික පක්ෂය ඡන්ද විසි දෙලක්ෂ 7,676 ක් ලබාගෙන ඇති අතර, එය ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12 යි දශම 4 යි 4 ක ප්‍රතිශතයක්.
ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය පළාත් පාලන ආයතන 27 ක් ජයග්‍රහණය කර ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ පළාත් පාලන ආයතන 5 ක් පමණයි.
නිදහස් පක්ෂය ඇතුළත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ද පළාත් පාලන ආයතන 03 ක් ජයග්‍රහණය කර තිබෙනවා.