පොතුවිල් – අක්කරෙයිපත්තු මාර්ගයේ පා ගමනින් යමින් සිටි එකම පවුලේ මවක සහ දියණියන් දෙදෙනෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොතුවිල් – අක්කරෙයිපත්තු මාර්ගයේ කුඥ්ඥං ඕඩේ පාලම අසලදී ඊයේ (24) සන්ධ්‍යාවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 34 හැවිරිදි මවක් සහ වයස අවුරුදු 6 ක් සහ 12 ක් වන දියණියන් දෙදෙනෙක්.
එහිදී බරපතල තුවාල ලැබූ 11 හැවිරිදි පිරිමි දරුවෙකු රෝහල් ගතකර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.
