Gossips

පොතාස් ශ්‍රී ලංකාව හැර යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු වන නික් පොතාස් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇතැයි වාර්තා වනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පැවති සියලු ගිවිසුම් නිමා කරමින්.
පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වූ පොතාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුධුරයට පත්වුණේ ග්‍රැහැම් ෆෝර්ඩ් 2017 වසරේදී ධුරයෙන් ඉවත් වීමෙන් පසුවයි.
කෙසේ වුවත් පොතාස් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත පරාජයන් පෙළකට මුහුණදුන් අතර චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගගත්තේ පොතාස් යළි පන්දු රැකීමේ පුහුණුකරු බවට පත් කරමින්.
මේ වෙනස් කිරීම ගැන නොසතුටුන් සිටි පොතාස් පසුගිය 14 වෙනිදා ක්‍රිකට් ආයතනය සමග සකච්ඡා කර ගිවිසුම් නිමා කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.