Gossips

‘පොඩි විජේ’ අත්අඩංගුවට

පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ හේවාතන්ත්‍රීගේ සිසිර කුමාර හෙවත් ‘පොඩි විජේ’ කඩුවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් කොළොන්නාව ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වසර 12ක් සිර දඩුවම් ලැබ යළි නිදහස්ව පැමිණි අයෙකු වන අතර, 2001 වසරේ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගෙන සිටියදී ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා.
කොළොන්නාව ප්‍රදේශයේදී කුඩු ලාල් සහ චූටි පුතා යන අය සමඟ කප්පම් ගැනීම් සහ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ බවට ද මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.