සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු මිටියාගොඩ – මහවෙල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇති මොවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 300ක් සහ ඉලෙක්ට්‍රොනික් තරදියක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අම්බලන්ගොඩ – කුලීගොඩ සහ මීටියාගොඩ – මහවෙල ප්‍රදේශවල පදිංචි 22 සහ 41 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.
මොවුන් මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිට දැනට ඇප මත සිටින බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
