Gossips

පේෂල ජයරත්න තවදුරටත් ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස තැබීම ගැන ජනපති අවදානය යොමුකළ යුතුයි – ගුරු විදුහල්පති පෙරමුණ

රාජ්‍ය නිලධාරියෙකු නීතිවිරෝධි ලෙස ස්ථාන මාරුකිරීම හේතුවෙන් වරදකරු වු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න තවදුරටත් ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරයෙහි තැබීම පිළිබඳ ජනාධිපතිවරයා අවදානය යොමුකළ යුතු බව ගුරු විදුහල්පති පෙරමුණ පවසනවා.
එම පෙරමුණ විසින් කොළඹදී අද (01) පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මේ බව සදහන් කළා.