Gossips

පේරු රාජ්‍යයේ විවාහ උත්සවයක් අතරතුර නායයෑමකින් 15 ක් මරුට

නිරිතදිග පේරු හි හෝටලයක පැවති විවාහ උත්සවයක් අතරතුර සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධියෙන් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
බෑවුම් සහිත ප්‍රදේශයක පිහිටි මෙම හෝටලයට නායයෑමත් සමඟ එක්වරම ගල් සහ මඩ ගලාවිත් ඇති බවයි වාර්තාවන්නේ.
සිද්ධිය වන අවස්ථාවේදී එම හෝටලය තුළ පුද්ගලයින් 100 කට අධික සංඛ්‍යාවක් සිට ඇති අතර, ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව තිබෙනවා.