Gossips

පේරු රාජ්‍යයට ගං වතුර

පේරු රාජ්‍යයේ හුනින් ප්‍රදේශයට බලපා ඇති දරුණු ගං වතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගල මරණ 51ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර, ගංඟාවක ඉවුරු පුපුරා යාම හේතුවෙන් නිවාස 22ක් ඇතුළු දේපළ රැසකට ද අලාභ හානි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 23,000කට අධික පිරිසක් අවතැන් වී සිටින අතර එම ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.