පේරාදෙනිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සඳහා වසා දැමීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ගත් තීරණය අනුමත කළ නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
එහි උප ලේකම් ආචාර්ය අතුල සිරි සමරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙලෙස විශ්වවිද්‍යාල වරින් වර වැසීම තුළින් සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කිරීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල වසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.
අප මේ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකරගෙන් ද විමසීමක් කළා.
ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ විශ්වවිද්‍යාල වසා දැමීමට එරෙහිව ඉදිරියේදී සියළුම විශ්වවිද්‍යාල සිසුන් අරගලයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
සිසුන්ගේ සහ පාලන අධිකාරියේ ගැටළු මුල් කර ගනිමින් රජයේ විශ්වවිද්‍යාල වරින් වර වැසීම සම්බන්ධයෙන් විමසීම සඳහා අප විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඊයේ තීරණය කළේ ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින්.
