පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කළා.
ඒ ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව, අද පස්වරු 6 වනවිට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස සිසුන්ට දැනුම් දී ඇති බව සඳහන්.
ඒ අනුව, අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවයි විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක හිරු ප්රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.
කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහීල් බණ්ඩාර දෙහිදෙණිය කියා සිටියේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසුන්ගේ ගැටලූ මඟහැර නිවාඩු ලබාදී ඇති බවයි.
ඉංජිනේරු පීඨ සිසුන්ගේ පැමිණීම පිළිබඳ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළා.