Gossips

පේරාදෙණියේදී පෞද්ගලික බස් රථයක් ගිනි ගනී

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය ඉදිරිපිට අද පස්වරුවේ පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමකට ලක්වුණා.
ඒ හේතුවෙන් මහනුවර – ගම්පොල මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගත් අතර මේ වනවිට එය යථා තත්ත්වයට පත්ව තිබෙනවා.
මෙලෙස ගිනි ගැනීමකට ලක්ව තිබුණේ මහනුවර සිට තලවකැලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වන අතර, ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.