Gossips

පේතායි බලපෑම අද සිට අඩුවෙන ලකුණු

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින 'පේතායි' සුළි කුණාටුවේ බලපෑම අද (17) දිනයේ සිට ක්‍ර‍මයෙන් අඩු වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී ඊයේ (16) දින පස්වරු 11.30 වන විට ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 620 ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පැවති බවයි.
දිවයින පුරා අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර තරමක ශීත කාලගුණ තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද (17) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.