Gossips

පෙම්වතිය ඝාතනය කර ගිනි තැබූ පෙම්වතා (ඡායරූප)

23 හැවිරිදි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් හාලිඇල, ජගුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුලදී ගෙළ කපා ඝාතනය කර සිරුරට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරියගේ පෙම්වතා බව කියන 27 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි හාලිඇල පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයා තේ වතු ක්ෂේත්‍ර නිලධාරියෙක් ලෙස සේවය කල අයෙක් බව සඳහන්.
ඝාතනයට ලක්වූ තරුණිය නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී අසල්වැසි නිවසක පැවති දානමය පිංකමකට සහභාගී වී ඇති අතර එහිදී ඇය සිය පෙම්වතාට බව පවසා කෑම පාර්සලයක්ද රැගෙන නැවත නිවසට පැමිණ තිබෙනවා.
අනතුරුව නිවසේ කිසිවෙක් නොමැති බව දැන ඇයට නිවසට යන ලෙසට උපදෙස් දී ඇති සැකකාර පෙම්වතා තරුණිය නිවසට ගිය පසු ඔහු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි විමර්ශන වලදි අනාවරණය වී ඇත්තේ.
නිවස තුළින් ගින්නක් පැතිර යනු දුටු අසල්වැසියන් වසා තිබු දොරකඩා ඇතුල්වී බැලීමේදී ඝාතනයට ලක්වූ තරුණියගේ සිරුර දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.
අනතුරුව සිදුකළ පරීක්ෂණ වලදී ඝාතනයට යොදාගත් බවට සැක කරන ලේ තැවරණු පිහිය නිවසේ ඇදක් යට තිබි සොයාගෙන ඇති අතර තවත් පිහියක් නිවසින් පිටත තිබී හමුව ඇති බව සඳහන්.
සැකයක් මත මෙම ඝාතනය සිදුකළ බවට අත්අඩංගුවට ගැනුණු පෙම්වතා පොලීසිය හමුවේ පපොච්ච්රණය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.


ඡායරූප – බදුල්ල, පාලිත ආරියවංශ