Gossips

පෙම්වතියගේ රන් මාලය කොල්ල කෑ පෙම්වතා

සිය පෙම්වතියගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලාගිය පෙම්වතෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වනවා.
දුරකථන ඇමතුමක් ඔස්සේ දැන හඳුනාගත් මෙවුන් දෙදෙනා අම්බලන්තොට, රිදියගම ප්‍රදේශයේදී පසුගිය 22 වනදා මුණගැසීමට කතාබස් කරගෙන තිබෙනවා.
අම්බලන්තොට – රිදියගම මාර්ගයේ බස් නැවතුම් පොළක් අසලට පැමිණ ඇති ආදාල තරුණිය පෙම්වතා විසින් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇයව පුහුල්යාය ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
එහිදී තරුණයා විසින් සිය පෙම්වතියට අනවශ්‍ය යෝජනාවන් කර ඇති අතර එහිදී ඉන් මිදීමට තරුණිය උත්සහ දරා ඇති බව සඳහන්.
එම අවස්ථාවේ දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
අනතුරුව සිය පෙම්වතියගේ ගෙල බැඳි රන්මාලය කඩාගෙන ඇති පෙම්වතා ඇයව ත්‍රිරෝද රථයකින් නැවත අම්බලන්තොට නගරයට ගෙනවිත් දමා, ඔහු පලා ගොස් තිබෙනවා.
පසුව නැවත නිවසට පැමිණ ඇති තරුණියගෙන් ගෙල බැඳි රන්මාලය පිළිබදව ඇයගේ පියා විමසා ඇති අතර අවස්ථාවේ සිදුවූ සිදුවීම ඇය පියාට පවසා තිබෙනවා.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය කුලී ගමන ගිය ත්‍රිරෝද රථයේ රියදුරුගේ තොරතුරු මත සැකකාර පෙම්වතා ඊයේ (23) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී පෙම්වතියගෙන් කොල්ලකෑ රන්මාලය උකස් කළ කුවිතාන්සි පත සොයාගන තිබෙනවා.
රුපියල් විසිදහසක මුදලකට සැකකරු එම රන්මාලය අම්බලන්තොට නගරයේ රන් අභරණ වෙළඳ සැලකට උකස් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
සිද්ධියට මුහුණ පෑ පෙම්වතිය උසස් පෙළ හදාරන වයසේ පසුවන තරුණියක් වන අතර සැකකාර පෙම්වතා අම්බලන්තොට ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව සඳහන්.
ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවයි පොලිසිය පවසන්නේ.