Gossips

පෙම්වතියගෙන් කප්පම් ඉල්ලූ අමුතු පෙම්වතාට සිදුවූ දේ

තරුණියකගේ අසභ්‍ය ඡායාරුපයක් අන්තර්ජාලයට දමන බවට තර්ජනය කළ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
ඔහු කටුනායක ඇඟලුම් කම්හලක සේවයේ නියුතු තරුණියක් සමඟ ප්‍රේමසම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙනවා.
පසුව අවස්ථා කිහිපයකදී එම තරුණියගේ ඡායාරූප තරුණයාගේ ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස දින කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව තරුණියගේ නිරුවත් ඡායාරූපයක් තරුණයාගේ දුරකතනයට ගෙන්වාගෙන තිබෙනවා.
පසු දිනක තරුණයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී තමන්ට මිනුවන්ගොඩ නගරයට පැමිණෙන ලෙස දැන්වූ බවයි තරුණිය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
එහිදී මිතුරෙකුගේ නිවසකට යන බවට එහිදී අදාළ තරුණයා තමන් ලැඟුම්හලකට රැගෙන ගිය බවයි තරුණිය ප්‍රකාශ කරන්නේ.
පසුව එයට තමන් දැඩිලෙස විරුද්ධ වීමත් සමඟ නැවත තරුණයා විසින් මිනුවන්ගොඩ නගරයට රැගෙන ආ බවයි ඇය පවසන්නේ.
එම සිදුවීමෙන් අනතුරුව තරුණිය විසින් කලක් තිස්සේ තරුණයා මගහැර සිට ඇති බවයි වාර්තා වන්නේ.
දින කිහිපයකට පසුව අදාළ තරුණයා විසින් තරුණියට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන්ගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කල බවයි තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
එහිදී මීට පෙර තරුණිය විසින් තරුණයාගේ ජංගම දුරකථනය වෙත එවූ නිරුවත් ඡායරූපය අන්තර්ජාලයට එක්කරන බවටයි ඔහු තර්ජනය කර ඇත්තේ.
එසේ නොකර සිටීමට නම් රුපියල් එක් ලක්ෂ අසූ දහසක මුදලක් ඉල්ලා සිටි බවයි තරුණිය පැමිණිලි කර ඇත්තේ.
අනතුරුව තරුණයා විසින් තරුණියගේ මිතුරියකට අදාළ චායාරූපය ජංගම දුරකථනය හරහා යවා තිබෙනවා.
පසුව අදාළ මිතුරිය විසින් අදාළ තරුණියට ඒ පිළිබඳව සිදුකළ දැනුම්දීමත් සමඟ ඇය අදාළ සිදුවීම පිළිබඳව කටුනායක පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
පසුව අදාළ සැකකාර තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කළා.
එහිදී මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර විසින් ලබන 21 දකවා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
කටුනායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.