Gossips

පෙම්වතා සමග අමනාප වූ තරුණියක් අධිවේගී මාර්ගයකදී මෝටර් රථයෙන් පනී

අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබු මෝටර් රථයකින් තරුණියක් පනින ආකාරය වෙනත් මෝටර් රථයක ඉදිරිපස තිබු කැමරාවක පටිගත වී තිබෙනවා.
තායිවානයේ ටයිනන් ප්‍රදේශයේදී සිය පෙම්වතා සමග ගමන් කරමින් සිටි ඇය ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස රථයේ දොර හැර පැන ඇති බවයි හෙළිවී ඇත්තේ.
එම අවස්ථාවේ අදාළ මෝටර් රථය පැයට කිලෝමීටර් 70 ක් පමණ වේගයකින් ගමන් කරමින් තිබූ බව සඳහන්.
මෙම තරුණිය මෝටර් රථයෙන් පැනීමත් සමග මද දුරක් ධාවනය වන රථය එහි රියදුරා විසින් නතර කරනු ලබනවා.
ඇය පැනීමත් සමග මෝටර් රථය ද පාලනයක් නොමැතිව ධාවනය වන ආකාරයක් අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
කෙසේවෙතත් මෝටර් රථයෙන් පනිනු ලැබූ තරුණියට බරපතල තත්වයක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුව ආරක්ෂක අංශ ඔවුන් දෙදෙනාට තරයේ අවවාද කර තිබෙනවා.