Gossips

පෙබරවාරි මුල් සතියේ කිරිපිටි හිඟයක් ඇති වන ලකුණු

පෙබරවාරි මස මුල් සතියේ සිට කිරිපිටි හිඟයක් ඇති විය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
කිරිපිටි ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 170ක පමණ බදු ගෙවීමට සිදුවීම නිසා එය අඩු කරන ලෙසට හෝ මිල සංශෝධනයක් සිදුකරන ලෙසට කළ ඉල්ලීමට පාරිභෝගික අධිකාරිය ප්‍රතිචාර නොදැක්වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පාරිභෝගික අධිකාරිය කිරිපිටි ආනයනකරුවන් කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් පසුගිය සතිය තුළ කිරිපිටි ගෙන්වීම යම්තාක් දුරකට අඩු කරනු ලැබුවා.
ඉදිරි සතියේ සිට එලෙස කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බවයි එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.