Gossips

පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 5කින් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථා පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 5කින් අඩු කරන බව ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීම සලකා බලමින් මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 135ක් වන අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 159ක්.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 106කට අලෙවි කෙරෙන අතර, සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 131ක්.