Gossips

පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.
සංශෝධිත මිලට අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 129ක්.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 152ක්.
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහල දැමීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 103 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක සංශෝධිත නව මිල වන්නේ රුපියල් 126 ක්.rn