Gossips

පූර්ණ ස්වෛරීත්වය සඳහා ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණයක්

ජාත්‍යන්තර නීතිය හා සම්මුතීන් අභිබවා තම රටේ නීතිය පමණක් ස්විට්සර්ලන්තය සඳහා බල පැවැත්විය යුතුය යන්න තීරණය කිරීමේ ජනමත විචාරණයක් හෙට පැවැත්වෙනවා.
ස්විට්සර්ලන්තයේ ප්‍රබලතම දේශපාලන පක්ෂය වන ස්විස් මහජන පක්ෂය ඇතුළු සංවිධාන රැසක් ඊට සහය දක්වන බව සඳහන්.
අපරාධවලට සම්බන්ධ නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වැනි අවස්ථා මඟ හැරී ඇත්තේ ජාත්‍යන්තර සම්මුතීන්වලට බැදී සිටීම නිසා බව යෝජනාවට පක්ෂ පාර්ශවයන්ගේ අදහසයි.
එහෙත් එමගින් තම රටේ මානව හිමිකම් අයිතිය දුර්වල විය හැකි බවට ද චෝදනා එල්ල වනවා.
යුරෝපා සංගමයේ සාමාජිකයෙකු නොවූව ද ස්විට්සර්ලන්තය යුරෝපා සම්මුතීන් රැසකට අත්සන් තබා ඇති රටක්.
මේ නිසා ජාත්‍යන්තර සම්මුතීන්වලින් ඉවත්වීම ස්විට්සර්ලන්තය සහ යුරෝපා සංගමය මෙන්ම ජගත් සංවිධානය සමඟ ද සබදතාවලට තර්ජනයක් බවයි ඇතැමුන් පෙන්වා දෙන්නේ.