71 වන ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගාලූමුවදොර පිටියේදී අද අභිමානවත් අයුරින් පැවැත්වුණා.
පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සම්ප්‍රාප්තිය මුලින්ම සිදුවූ අතර, ඉන් අනතුරුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය නිදහස් සැමරුම් භූමිය වෙත පැමිණියා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පැමිණීමෙන් අනතුරුවයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන උත්සව භූමිය වෙත පැමිණියේ.
පසුව අගවිනිසුරු නලින් පෙරේරා නිදහස් උළෙලට එක්වීම සඳහා පැමිණි අතර, අනතුරුවයි කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ උත්සව භූමිය වෙත සම්ප්‍රාප්ත වුණේ. පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තිය සිදුවුණා.
අග්‍රාමාත්‍යවරයාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව සිදුවුණේ නිදහස් උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිගේ සම්ප්‍රාප්තියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඔහුව පිළිගත් අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැමිණීම ඉන් අනතුරුව සිදුවුණා.
ජනාධිපතිවරයාගේ සම්ප්රපාප්තියත් සමඟ 71 වන ජාතික නිදහස් දින උළෙලේ ආරම්භය සිදුවූ අතර, මගුල් ඛෙර සහ සක් හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය ඔසවනු ලැබුවා.
මෙරට ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය සඳහා අනතුරුව විනාඩි 2 ක නිශ්ශබ්දතාවක් පැවැත්වූ අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21 ක් පිරිනැමීම සිදුවුණේ ඉන් පසුවයි.
එහිදී ජාතික දින සැමරුමට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ රටේ සියළු දෙනාට එකඟ විය හැකි පූර්ණ දේශපාලනමය විසඳුමකට පැමිණීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බවයි.
එමෙන්ම යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා ජාතිය ඇමතීමෙන් පසුව 71 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය විචිත්‍රවත් කරමින් ආචාර පෙළපාලි සහ සංස්කෘතිකාංග ඇතුලත් පෙරහරක්ද පැවැත්වුණු අතර, ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 5848 දෙනෙකු එක්වුණා.
මේ අතර, 71 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් රටවල් රැසකින් සුබ පැතුම් එක්කර තිඛෙනවා. බ්‍රිතාන්‍ය දෙවන එලිසඛෙත් රැජිණ සිය සුබ පැතුම් පණිවුඩය මගින් සඳහන් කර ඇත්තේ සියළු ශ්‍රී ලාංකිකයන්ට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන බවයි.
rnrnrnrnrn