වැලිමඩ – ගුරුතලාව – පූනා වැවේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හපුතලේ හෝටලයක සේවය කරන මෙම තරුණයා ඊයේ පස්වරුවේ මිතුරන් පිරිසක් සමග දියනෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හපුතලේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.
