Gossips

පූජා භූමියක සිටින ගවයන් මස් පිණිස රැගෙන යාමේ ජාවාරම

මන්නාරම – මුල්ලිකුළම් ප්‍රදේශයේ පිහිටා ඇති කතෝලික පල්ලිය ආශ්‍රිත භූමියේ ගව රංචුවක් කලක පටන් නිදහසේ ජීවත් වනවා.
පසුගිය යුද සමයේ ද කිසිදු මරණ භයකින් තොරව ජීවත් වු මෙම සතුන්ට මේ වනවිට ජීවිතය රැක ගැනීම සදහා ප්‍රබල සටනක නිරතවීමට සිදුව තිබෙනවා.
විටින් විට කඹ රැගෙන පල්ලිය ආශ්‍රිත භූමියට පැමිණෙන පිරිසක් ඝාතනය කිරීමට ගවයන් අල්ලන අයුරු හිරු සී.අයි.ඒ. කැමරාවේ සටහන් වුණා.
ඝාතකයන් පැමිණීම ඉවෙන් මෙන් හදුනා ගන්නා මේ සත්වයින් දිවි බේරාගැනීම සදහා ගන්නා උත්සාහයන් සාර්ථක වන්නේ නැහැ.
හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුයේ ගවයන් රැගෙන යාමට පැමිණෙන්නේ පසුගිය යුද සමයේ අවතැන් ව දැනට තාවකාලික පැල්පත්වල වාසය කරන පිරිසක් බවයි.
හිරු සී.අයි.ඒ. කැමරාවේ සටහන් වු දර්ශනවල සංවේදීම කරුණ වුයේ දිවි බේරාගැනීම සදහා මර බියෙන් හිස් ලුලු අත දිව යන මෙම සතුන් වෙත සිදුකරන
කෲරත්වයයි.
අතට හසුවන දෙයින් අනිමින් වද හිංසා දෙන ගව ඝතකයින් ඉන් ද නොනැවතී සතුන්ගේ රහස් ප්‍රදේශවලටද පහර දෙමින් වද හිංසා පමුණුවනවා.
සත්ව හිංසනය වැළැක්වීමේ පනත අනුව මෙම පුද්ගලයන් සිදුකරන්නේ වරදක් වුවත් මේ පිළිබද සොයා බැලීම සදහා මන්නාරම දිස්ත්‍රික්කයේ කිසිදු බලධාරියෙක් මේ වනතෙක් ක්‍රියාත්මක වන්නේ නැහැ.
එයින් අයුතු ප්‍රයෝජන ගන්නා ගව ඝාතකයින් සතුන් රිසිසේ වද බන්ධනයට ලක් කරමින් කෲර ලෙස ක්‍රියාකරමින් මස් පිනිස ගවයින් ඇල්ලීමට කටයුතු කරනවා.
මෙම සත්ව හිංසනය නවතින්නේ මෙහි සිටිනා ගව රංචුවම මසට ගෙනයාමෙන් පසුව ද ?
හිරු සී.අයි.ඒ. ඉදිරියේදීත් මේ පිළිබදව අවධානයෙන්.