මහනුවර – පූජාපිටිය ප්‍රදේශයේ වෙළඳසැල් කොල්ල කා දේපල සොරකම් කළ බව කියන තරුණයින් දෙදෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පූජාපිටිය ප්‍රදේශයේ වෙළඳසැලක මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදීයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් තරුණයින් අතර පාසල් සිසුවෙකුද වන බව සඳහන්.
ඔවුන් අද ගලගෙදර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
